ඊසි කෑෂ් ක්‍රමයට කුඩු අලෙවි කළ 3කට වැඩ වරදී

ඊසි කෑෂ් ක්‍රමයට කුඩු අලෙවි කළ 3කට වැඩ වරදී

කුඩු පැකට් චුයින්ගම් ආධාරයෙන් මාතලේ පොදු වැසිකිළියේ විවිධ ස්ථානවල අලවා දුරකථන මාර්ගයෙන් ඊෂි කෑස් ක්‍රමයට කුඩු ලබා දෙන බවට මාතලේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කරන ලද පරික්ෂණයකදී මහනුවර වත්තේගම ප්‍රදේශයේ පුද්ගලයකු හා රත්තොට ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු හෙරොයින් මිලි ග්‍රෑම් 120ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ස්ථානයේ ජනතාව නිතර ගැවසෙන බැවින් ඊෂි කෑස් ක්‍රමයට ඉතා සුක්ෂම අයුරින් කලක සිට මෙය සිදුකර ඇති බව කරන ලද පරික්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මෙම වැටලීම මාතලේ කොට්ඨාස පාසල් ආශ්‍රීිත විෂ මත්ද්‍රවය වැටලීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සිරිපාල මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල්වරුන්වන (53568)වීරසේන (71083) මැණික්ගෙදර හා (87181) ගමගේ යන අය විසින් සිදු කර ඇත.   අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Share This:

Share this post

One thought on “ඊසි කෑෂ් ක්‍රමයට කුඩු අලෙවි කළ 3කට වැඩ වරදී

Post Comment