ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමගෙන් වව්නියාවට පාසලක්

ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමගෙන් වව්නියාවට පාසලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු හා ජාත්‍යන්තර තරග තීරකවරයකු ලෙස කටයුතු  කරන රොෂාන් මහානාම මහතා සිය ධන පරිත්‍යාගයෙන් වවුනියාව බෝගස්වැව වෙහරතැන්න ගම්මානයේ අලුතින් ඉදිකළ පාසල් ගොඩනැගිල්ල සෙනසුරාදා (14) විවෘත කැරිණි.

මේ සඳහා රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් වැයවී ඇති අතර පාසල් ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදුවිය.  ඊයේ දිනයේ එය විවෘත කිරීමේ අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතාද සහභාගී විය.

මෙම විදුහල් ගොඩනැගිල්ල නම්කර ඇත්තේද රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නමිනි.

Share this post

One thought on “ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමගෙන් වව්නියාවට පාසලක්

  1. Hmm it seems like your site ate my first comment (it was extremely long) so I guess I&;#l1782l just sum it up what I had written and say, I’m thoroughly enjoying your blog. I as well am an aspiring blog writer but I’m still new to the whole thing. Do you have any tips and hints for newbie blog writers? I’d really appreciate it.

    Reply

Post Comment