ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ ඇපෑල යළි සලකා බැලීම අද

ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ ඇපෑල යළි සලකා බැලීම අද

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් ගාල්ල දිස්‌ත්‍රික්‌ එජනිස මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ ඇපෑල පෙත්සම අද (15 දා) යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ලබාදී ඇති නඩු තීන්දුව ක්‍රියාත්මක වීමද පසුගිය 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබූ අතර එම අත්හිටුවීමේ නියෝගය අද දිනය තෙක්‌ බල පැවැත්වේ.

ඇපෑල පිළිබඳ විභාගයක්‌ පවත්වා අවසන් වන තුරු අභියාචනාධිකරණ නඩු තීන්දුව අත්හිටුවන ලෙසට ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.  ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුව අද දක්‌වා අත්හිටුවූ ශ්‍රේෂ්ඨාධිකරණය ඇපෑල් පෙත්සම අද යළි කැඳවීමටද සියලු පාර්ශවලින් ඉදිරිපත්වන කරුණු සලකා බලා සුදුසු තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කළේය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධාන ලැයිස්‌තුව අවලංගු විය හැකි බවට විවාදයට මතු වී තිබෙන මතය අධිකරණය විසින් පිළිගන්නේ නම් ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුර දෙකක්‌ ඇතුළු ගාලු දිස්‌ත්‍රික්‌ සන්ධාන ලැයිස්‌තුවට අහිමි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසයි.

Share This:

Share this post

Post Comment