ජවිපෙ සැබෑ විපක්ෂය මර්දනය කිරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කරනවා

ජවිපෙ සැබෑ විපක්ෂය මර්දනය කිරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කරනවා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ඊයේ දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය 04කට අධික කාලයක් ප්‍රශ්න කිරීමට ලක්විය.  ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ද ඔහු අමතක නොකලේය.  එහි දී ඔහු ප්‍රකාශ කලේ වර්තමාන ජවිපෙ නායක අනුර දිසානායක ඇතුළු එහි නායකයන් ගණනාවකගේ රහස් ආණ්ඩුව විසින් සඟවාගෙන සිටින බවයි.  ඊට කෘතගුණ සැලකීමක් ලෙස ජවිපෙ නායකයන්, ආණ්ඩුව විසින් සැබෑ විපක්ෂය මර්දනය කිරීම සාධාරණීකරණය කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා ප්‍රකාශ ‍කලේය.

“මේ රජය පොලීසිය දේශපාලනීකරණය කිරීමේ උත්සාහයක නිරත වී සිටිනවා. ඒ අතරේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් මර්දනය කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ යොදා ගෙන තිබෙනවා. ඊයේ අපි දැක්කා අනුර දිසානායක මහත්තයා ‘මහින්ද රාජපක්ෂගේ රහස් හෙළි කරන්න’ කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ජවිපෙ නායක අනුර දිසානායක ඇතුළු එහි නායකයන් ගණනාවක රහස් මේ ආණ්ඩුව සඟවාගෙන සිටිනවා. ඒ රහස් අතේ තබාගෙන තමයි ආණ්ඩුව මේ කුලී කොන්ත්‍රාත්තුව ජවිපෙ ලවා ඉටුකර ගන්නේ,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

මේ කිසිවකින් තමන් ඇතුලු කිසිවකු පසුබට නොවන බව ප්‍රකාශ කර සිටි ඔහු තව දුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“අපි මේ රූකඩ ආණ්ඩුවට යටත් වන්නේ නැහැ. එක පාරක් මැගසින් ගියපු මට තවත් පාරක් මැගසින් යන එක මහ ලොකු දෙයක් නොවෙයි. ඒ ධෛර්ය අපට තිබෙනවා. ඒ ධෛර්ය තිබෙනකම් අපිව නමන්න, පොලිස්පති නමන, නීතිය නමන මේ ආණ්ඩුවට බැහැ.”

Share This:

Share this post

One thought on “ජවිපෙ සැබෑ විපක්ෂය මර්දනය කිරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කරනවා

  1. I really like this outfit. The skirt is fabulous. I always search for paisley prints I think I am starting to get a very small collection rather slowly. One of my favorites is a 1970s long sleeve blouse. I will have to add it in a post sometime.I would be EXSTATIC if those flying ducks were in my negorbihhood. Those look the the 1940-50 ducks everyone tries to find for their vintagey homes.

    Reply

Post Comment