දිනයක්‌ නැති ලිපියක්‌ මහ බැංකු බැඳුම්කර කොමිසමට

දිනයක්‌ නැති ලිපියක්‌ මහ බැංකු බැඳුම්කර කොමිසමට

මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමුකළ ලිපියක්‌ බව පවසමින්, මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිත දිනයක් නොමැති ලිපියක්‌ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා විසින් කොමිසමට ඉදිරිපත් කිරීම තිබේ.  ‍

මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසමේ දැඩි අවධානය යොමු කළ අතර එහි මහ බැංකු අධිපතිවරයාගේ නම සඳහන් කර නොතිබීම ගැන ද කොමිසමේ අවධානයට යොමු කර තිබේ.

දිනයක්‌ නැති ලිපියක්‌ ඇමැතිවරයකුගේ අත්සනක්‌ සහිතව ඉදිරිපත් කර තිබෙන නිසා එම ලේඛනයේ විශ්වාසනීයත්වය ගැන තමා ප්‍රශ්න කරන බව අදාළ ලිපිය සම්බන්ධයෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රශ්න කළේය.

මුදල් ඇමැතිවරයාගේ අත්සනින් යොමු කළ දාතම රහිත ලිපිය ඉදිරිපත් කරමින් නීතිඥ චානක ද සිල්වා මහතා විසින් බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ නැගී සිටිමින් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මේ බව කීවේය.

 

Share This:

Share this post

Post Comment