නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් තොණ්‌ඩමන් අස්‌වෙයි

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් තොණ්‌ඩමන් අස්‌වෙයි

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කැළි කසළ ඉවත් කිරීම සම්බන්ධව ස්‌ථීර විසඳුමක්‌ ලබාදීමට රජයේ නිලධාරීන් අපොහොසත්වීම නිසා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවා ඇත.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරීමට ඉඩමක් ලබා දිමට එයට අදාළ රජයේ නිලධාරින් කටයුතු නොකිරීම හා එකතුවී ඇති කසළ බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක්‌ පැවැති බවත් තාවකාලික විසඳුමක්‌ ලෙස එම කසළ ටොන් සියයක්‌ පමණ කොටගල තම නිවෙස ඉදිරිපිට ලංකා කම්කරු කොංග්‍රස්‌ මූලස්‌ථානයට අයත් ඉඩමකට බැහැර කළ බවත් සඳහන් කරන තොණ්‌ඩමන් මහතා කසළ බැහැර කිරීම සම්බන්ධව කඩිනමින් ස්‌ථීර විසඳුමක්‌ ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

Share This:

Share this post

Post Comment