පහේ ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් නෑ

පහේ ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් නෑ

නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවැති ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 132 වන ජන්ම දින සැමරුම් උත්සව සභාව අමතමින්  පහ වසර ශිෂ්‍යත්ව විභාගය මින් ඉදිරියට ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා නොව ශිෂ්‍යාධාර ලබාදීම සඳහා පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සකස් කරන  බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.

අපි අපේ පාසල් 10161 න් හත්දහසක්ම ළඟම පාසල හොඳම පාසල ලෙස සෑම අංශයකින්ම සංවර්ධනය කොට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට පියවර ගන්නවා.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද  තරගයක් වී දරුවන්ට පීඩා දෙමින් ඔවුන්ගේ ළමා කාලය උදුරාගනු ලබන අම්මාවරුන්ගේ විභාගයක් බවට පත්වෙලා. මේ තත්ත්වය වහා නැති කළ යුතුයි. ලෝකය ඉදිරියට යන වේගයට අපේ දරුවන් එක තැන පල්විය යුතු නෑ.

භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද සංවර්ධනය කරනවා. පාසල් පාදක කොට ගුරුවරු බඳවා ගැනීමට පියවරගෙන ගුරුවරු පීඩාවට පත්වන එක හැකිතාක් අවම කරනවා.

ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය අයට පුහුණුව ලබා දෙනවා. තාක්ෂණික දියුණුව දැනුම කෙරෙහි අවධානය යොමු කරමින් විෂය මාලාවන් වෙනස් කිරීමට කටයුතු කරනවා. ‍මේ රටේ ලක්ෂ 42ක් පමණ වන පාසල් දරුවන්ගේ අනාගතය මේ රටේ ඉදිරි අනාගතය කියන්නේ සුළු පටු දෙයක් නොවේ යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

Share This:

Filed in: All

Share this post

2 thoughts on “පහේ ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් නෑ

  1. Akila Viraj අමැතිතුමෝ, එතකොට primary section එකක් නැති ජනප්‍රිය පාසැල් වලට ළමයි ඇතුලත් කරන්න‍ේ ඔබතුමා ගේ list එකෙන් ද?

    Reply
    1. These back to basics posts are excellent, the rest of the blogosphere seems to have forgotten that not every blogger is a technical or enrrepreneutial genius. Thanks for the info, I’ll refer back to this post in the future.

      Reply

Post Comment