පැරෂුට් සෙබළියක ඇඹිලිපිටියේදී විදුලි රැහැනක ගැටී තුවාල ලබයි

පැරෂුට් සෙබළියක ඇඹිලිපිටියේදී විදුලි රැහැනක ගැටී තුවාල ලබයි

පැරෂුට් ආධාරයෙන් අඩි පහළොස්දහසක් පමණ උසක සිට ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ඉස්මත්තේ පිහිටි යුද හමුදාවේ ඉංජිනේරු පුහුණු පාසලට බැසීමේදී ලාන්ස් කෝප‍්‍රල්වරියක අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ගැටීමෙන් තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ අනතුරට ලක්ව ලාන්ස් කෝප්‍රල් ඒ.වී.එන්. ගුණතිලක සෙබළියයි.  ඇගේ පැරිෂුටය අධිබලැති විදුලි රැහැන්වල පැටලී ඇති අතර, ඇගේ දෙපාවලවළලුකරට පහළ සහ දෑත්වල මැණික් කටුවට පහළ ප‍්‍රදේශ දැඩි ලෙස පිළිස්සීමට ලක්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Share This:

Share this post

Post Comment