විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප ලබන ජනවාරි මාසයේ සිට ඉහළට

විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප ලබන ජනවාරි මාසයේ සිට ඉහළට

විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප් ඉහළ දැමීම කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ කළ සාකච්චා කලද එය විවිධ හේතු නිසා ප්‍රමාද විය.  කෙසේ නමුත් ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ගේ විශේෂ අවධානය මේ කෙරේ ලක් වීමේ ප්‍රතිළුලයක් ලෙස විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප ලබන ජනවාරි මාසයේ සිට ඇමෙරිකානු ඩොලර් 300 දක්වා (රුපියල් 45,000ක් පමණ දක්වා)  ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, රටවල් කිහිපයක් සමඟ දැනටමත් අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ අනුව ලබන ජනවාරියේ සිට එය ක‍්‍රියාත්මක කරන බවත් ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී රැකියා සඳහා ගොස්  රක්‍ෂණ වන්දි හිමිකම් නොලබා මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ ශ‍්‍රමිකයින් වෙනුවෙන් වන්දි ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.

 

Share This:

Share this post

One thought on “විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප ලබන ජනවාරි මාසයේ සිට ඉහළට

Post Comment