විශාකා විද්‍යාලයීය ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු කාසියක් නිකුත් කෙරේ

විශාකා විද්‍යාලයීය ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු කාසියක් නිකුත් කෙරේ

කොළඹ විශාකා විද්‍යාලයීය සියවස් සැමරුම (1917 – 2017) නිමිත්තෙන් සමරු කාසියක් නිකුත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී ඊයේ (23) සිදුකැරිණි.

Vishaka-vidyalaya

රුපියල් 2000ක වටිනාකමකින් යුත් මෙම සමරු කාසිය එක් පසෙක එම විද්‍යාලයේ නිර්මාතෘ ජෙරමියෙස් දියෙස් මහත්මියගේ රුව දැක්වෙන අතර අනෙක් පස විද්‍යාලයීය ලාංඡනය දැක්වේ.

විශාකාවේ සිය වසක ගමන් මඟ අභියෝගාත්මකයි. දුෂ්කරයි, විශිෂ්ටයි. සුන්දරත්වය හා විශිෂ්ටත්වය දුෂ්කරත්වය සමඟ බැඳී පවතිනවා යැයි විශාකා විද්‍යාලයීය ශත සංවත්සර උළෙලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

Vishaka-vidyalaya

එදා දරුවා පාසලට භාරදී බලා ගන්නා ලෙස මවුපියෝ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියා. අද දරුවන් නිවෙසේදී රැක බලා ගන්න කියා මවුපියන්ගෙන් ඉල්ලා සිටින්නට ගුරුවරුන්ට සිදුව තිබෙනවා. නිවෙස තවදුරටත් දරුවන්ට ආරක්‍ෂිත නොවන තැනක් බවට පත්වෙමින් තිබෙනවා යැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැති ගයන්ත කරුණාතිලක මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරු ප්‍රමුඛ සම්භාවනීය පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 

Share This:

Share this post

One thought on “විශාකා විද්‍යාලයීය ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු කාසියක් නිකුත් කෙරේ

Post Comment