වෛද්‍ය සිසුවාගේ මළ සිරුර නේවාසිකාගාරයෙන්

වෛද්‍ය සිසුවාගේ මළ සිරුර නේවාසිකාගාරයෙන්

කොළඹ නොරිස් පාරේ වෛද්‍ය සිසු නේවාසිකාගාරයේ තිබියදි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (11 වැනි දා) හමු වී ඇත.

ඔහු බිබිල ප්‍රදේශයේ පදිංචි හරින්ද සෙනවිරත්න නැමති 27 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා යැයි සැක කරයි.

අවසන් විභාගය දෙවරක්ම අසමත් වූ බැවින් උපාධිය ලබා ගැනීමට ද ඔහුට නොහැකි වී ඇත. ඔහු ජ්‍යෙෂ්ඨ සිසුවෙකු බැවින් කාමරයේ එම සිසුවා  පමණක් නතර වී සිට ඇති අතර  ඔහු සිටි කාමරයෙන් පැමිණි අධික දුර්ගන්ධය නිසා සොයා බැලූ විට ඔහුගේ මළ සිරුර එම කාමරයේ තිබි හමු වී ඇත.

මේ පිළිබඳව කුරුඳුවත්ත පොල්ස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් අනුර දෙල්ගහපිටිය මහතාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This:

Filed in: All

Share this post

One thought on “වෛද්‍ය සිසුවාගේ මළ සිරුර නේවාසිකාගාරයෙන්

Post Comment