ශ්‍රී ලංකාවට ජී.එස්.පී + ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි

ශ්‍රී ලංකාවට ජී.එස්.පී + ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි

මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය සහ යහපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය ගත් සාධණීය පියවර සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා භාණ්ඩ අපනයනය කිරීමේ දී පනවා තිබූ සම්බාධක ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගැනුම්කරුවා වන යුරෝපීය සංගමය විසින් පනවා තිබූ ජී.එස්.පී + බදු සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ජී.එස්.පී +  සහනය මානව හිමිකම් කඩකිරීමේ චෝදනා යටතේ යුරෝපීය සංගමය මඟින් 2010 වසරේ දී ශ්‍රී ලංකාවට අහෝසි කළ බවද සිහිපත් කරයි.

මානව හිමිකම්, කම්කරු කොන්දේසි, පරිසර ආරක්ෂණය හා යහපාලනය යන සංරචක යටතේ අන්තර්ජාතික සම්මුතීන් 27 ක් වෙනුවෙන් දක්වන ලද සාධනීය කැපවීම හමුවේ යුරෝපානු කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගම් තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ යුරෝපීය වෙළෙඳ කොමසාරිස් සිසිලියා මල්ම්ස්ට්‍රොම් යුරෝපීය වෙළෙඳ පොලට අපනයන භාණ්ඩ සැපයීම වැඩිකිරීමට හැකිවීම තුළින් ජී.එස්.පී + බදු සහනය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි ප්‍රකාශ කරයි.

වත්මන් ආණ්ඩුව විසින් මෙම බදු සහනය ලබාගැනීම සඳහා පසුගිය 2016 වසරේ ජූලි මාසයේ දී ඉල්ලීමක් කරන ලද අතර ශ්‍රී ලංකාවේ වැඩකටයුතු සම්බන්ධයෙන් යුරෝපා කොමිසම මඟින් දිඟුකලක් ඇඟයීමට ලක්කිරීමෙන් අනතුරුව මේ සහනය ලබාදීමට තීරණය කළ බවද ඇය පෙන්වා දෙයි.

යුරෝපා සංගමයේ මේ තීරණය අනුව මෙම සහනය ලබන ආමේනියාව, බොලිවියාව, කේප් වෙර්ඩේ, කිර්කිස්තානය, මොන්ගෝලියාව, පාකිස්ථානය, පැරගුවේ සහ පිලිපීනය යන රටවල් අටේ කණ්ඩායමට ශ්‍රී ලංකාව යළිත් වරක් එක්වෙයි.

 

Share This:

Share this post

One thought on “ශ්‍රී ලංකාවට ජී.එස්.පී + ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි

Post Comment