ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරය අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරය අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටුවා මේ වන විට වසර 65 ක් ගතවී ඇත.  එම පක්ෂය ආරම්භ කරනු ලැබුවේ 1951 වසරේ සැප්තැම්බර් මස 02 වන දිනයි.  එවකට රාජ්‍ය බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරමින්, එජාප සාමාජිකත්වයෙන් ඉවත් වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් සඝ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග පෙරටුකර ගනිමින් නිදහස් පක්ෂය පිහිටුවීමට මුල් වී කටයුතු කළේය.

ඉන්පසුව ඔවුන් මුහුණ දුන් 1956 මහ මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ සමඟ මහ මැතිවරණයට එක් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉන් විශිෂ්ඨ ජයක් හිමි කර ගනු ලැබීය.  ඒ අනුව පක්ෂයේ නිර්මාතෘවරයා වන බණ්ඩාරනායක මහතා අගමැති ධූරයට පත්විය.  නමුත් ඔහුට එතරම් කාලයක් ජනතා සේවය කිරීමට නොහැකි විය.  1956 සැප්තැම්බර් මස 25 වනදා පක්ෂයේ නිර්මාතෘවරයා වන බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් විය.

ඔහුගේ අභාවයෙන් පසුව 1960 වර්ෂයේ මැයි මස 07 වනදා පක්ෂ සභාපතීත්වය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට හිමිවන අතර ඇය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ද තේරී පත් වූවාය.  1977 සමඟි පෙරමුණ පරාජයට පත්වීමෙන් පසුව 1994 දක්වාම නිදහස් පක්ෂයට රාජ්‍ය බලයක් හිමි නොවූ අතර 1994 දී, තවත් පක්ෂ ගණනාවක ද සහය ලබා ගෙන යළි රාජ්‍ය බලය ලබා ගනු ලැබීය. 1994 වසර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිමි වන අතර ඇය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලෙස තේරී පත් වූවාය.

අනතුරුව 2005 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනගමින් මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිධුරයට පත් වන්නේ පක්ෂයේ නායකත්වය ද තමන් සතු කර ගනිමිනි.  අනතුරුව 2015 වසරේ ජනවාරි මස 08 වනදා මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට විධායක ජනාධිපති ධුරයට පත් වන අතර ඒ අනුව ඔහුට පක්ෂ සභාපතීත්වය ද හිමි වෙයි.

වසර 65ක ඉතිහාසය තුළ වඩාත් පක්ෂය වඩාත් අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දී සිටින්නේ වර්තමානයේය.  ඊට මූලිකම හේතුව නම් පක්ෂය මේ වන විටත් පාර්ෂවයන් දෙකකට බෙදී සිටීමයි.  ඊට අමතරව, හෙට දින සමරන පක්ෂ සංවත්සරය වර්ජනය කිරීමට ද එක් කණ්ඩායමක් ඉදිරිපත් ව සිටී.  මේ සියලු අභියෝගය මැද පක්ෂයට මෙන්ම රටට ද නායකත්වය ලබා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ 65 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සැමරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Share This:

Share this post

One thought on “ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරය අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

Post Comment