වැඩ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරුන් දඩයම් කිරීමේ සූදානමක්?

පසුගිය (05) පස් වැනිදා පැවැති සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනයට සහය පළකිරීම සඳහා එදින සේවයට වාර්තා නොකළ ගුරුවරුන් ගැන සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. වැඩ වර්ජනය පැවති…
“WannaCry” රැන්සම්වෙයාර්  පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න

ලෝකය පුරා වේගයෙන් පැතිරුණ පරිගණක වෛරසයක් නිසා පරිගණක භාවිත කරන්නන් බොහෝ පිරිසක් අපහසුතාවයන්ට ලක්වුණා. වෙනත් පරිගණක වෛරසයක් මෙන් නොව මෙමගින් පරිගණක ප්‍රහාරයකට ලක්කර කප්පම් ඉල්ලන ගණයේ එකක් ලෙස හඳුනාගෙන ඇත. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව අඩපණ කරමින් එල්ල වූ රැන්සම්වෙයා…
මීතොටමුල්ල කුණු කන්දේ විපත් අවමකර  ගැනීම සඳහා ජපන් උපදෙස්

මීතොටමුල්ල කසල කන්ද කඩිවැටීමට හේතු වු කාරණා  සොයා බැලීමට  පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙනු ලැබිණ. ජපාන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී  මිට්සුට්ක් නමාහටා මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදීමෙන් අනතුරුව එහි නිර්දේශ පිළිබඳ…
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර සමුගනියි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට  80 වැනි වියෙහි පසුවිය. දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. විශිෂ්ඨ චිත්‍රපට නිර්මාණකරනයේ සුවිශේෂී සිනමාකරුවෙකු වන වසන්ත ඔබේසේකර මහතා 1962…
නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාශය යටතට

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේය. එසේම එම රෝහල එය ශික්‍ෂණ රෝහලක්‌ ලෙස පවත්වාගෙන යනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි. වෛද්‍ය උපාධිය සමත්ව සිටින සයිටම්…
වසරේ හොඳම ශ්‍රී ලාංකීය වෙබ් අඩවිය ලෙස vog.lk වෙබ් අඩවිය රන් සම්මානයෙන් පිදුම් ලබයි

කාන්තාවන් සම්බන්ධ ප්‍රසව හා නාරිවේද විෂය පිළිබඳ තොරතුරු හා වෛද්‍ය උපදෙස් නොමිලේ ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන VOG.LK වෙබ් අඩවියට ලංකාවේ හොඳම වෙබ් අඩවිය සඳහා වූ රන් සම්මානයට අමතරව තවත් සම්මාන 3ක්ද හිමිවී තිබේ. ලංකා හෙවත් .LK වෙබ් අඩවි ඩොමේන්…
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අධිකරණ තින්දුව ප්‍රකාශයට පත් කෙරේ

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද (31) ප‍්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මාලඹේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කර තිබේ. සයිටම්…
විශාකා විද්‍යාලයීය ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු කාසියක් නිකුත් කෙරේ

කොළඹ විශාකා විද්‍යාලයීය සියවස් සැමරුම (1917 – 2017) නිමිත්තෙන් සමරු කාසියක් නිකුත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී ඊයේ (23) සිදුකැරිණි. රුපියල් 2000ක වටිනාකමකින් යුත් මෙම සමරු කාසිය එක් පසෙක එම විද්‍යාලයේ නිර්මාතෘ ජෙරමියෙස් දියෙස් මහත්මියගේ රුව…