නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් තොණ්‌ඩමන් අස්‌වෙයි

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කැළි කසළ ඉවත් කිරීම සම්බන්ධව ස්‌ථීර විසඳුමක්‌ ලබාදීමට රජයේ නිලධාරීන් අපොහොසත්වීම නිසා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත…
රතුපස්‌වල වෙඩි තැබීම: බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය අත්අඩංගුවට

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසකට රතුපස්‌වලදී වෙඩි තැබීමට නියෝග ලබාදුන් බවට චෝදනා ලැබ සිටි යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගම්පහ ප්‍රධාන මහේස්‌ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 31…
වැඩ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරුන් දඩයම් කිරීමේ සූදානමක්?

පසුගිය (05) පස් වැනිදා පැවැති සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනයට සහය පළකිරීම සඳහා එදින සේවයට වාර්තා නොකළ ගුරුවරුන් ගැන සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. වැඩ වර්ජනය පැවති…
දිනයක්‌ නැති ලිපියක්‌ මහ බැංකු බැඳුම්කර කොමිසමට

මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමුකළ ලිපියක්‌ බව පවසමින්, මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිත දිනයක් නොමැති ලිපියක්‌ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා විසින් කොමිසමට ඉදිරිපත් කිරීම…
ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ ඇපෑල යළි සලකා බැලීම අද

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් ගාල්ල දිස්‌ත්‍රික්‌ එජනිස මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ ඇපෑල පෙත්සම අද (15 දා) යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ලබාදී ඇති නඩු තීන්දුව ක්‍රියාත්මක වීමද…
නිර්දේශ ක්‍රියාත්මක කරන්න කෝප් සභාපති ජනාධිපති බැඳුම්කර කොමිසමේ අනුමැතිය අපේක්ෂාත කරනවා

කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් සාක්‌ෂි විමසීම ඊයේ (08) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සිදුවිය. මහ බැංකු බැඳුම්කර නිකුතු පිළිබඳ කෝප් වාර්තාවේ නිගමන සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමේද අනුමැතිය ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර…
ශ්‍රී ලංකාවට ජීඑස්‌පී දීමට එරෙහි යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව පරාජයට පත්කරයි

ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාදීමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 117 කින් ඊයේ (27 වැනිදා) පරාජයට පත් විය.  මෙහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 436 ක්‌ ප්‍රකාශ වූ අතර, පක්‌ෂව ඡන්ද 119 ක්‌ ප්‍රකාශ කර තිබුණි. …
මාතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රෝහණ දිසානායක ඉල්ලා අස්වේ

හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ‍තිබේ. ඔහුගේ මෑණියන්ගේ අවමංගල උත්සවයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙවරුවේ ඔහුගේ නිවසට පැමිණියා. රෝහණ…
ප්‍රමිත බංඩාර ගාලු මුවදොර මැයි රැළියට එක්වෙයි

ගාලු මුවදොර පිටියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. ජනක බණ්ඩාර තෙන්කෝන් මහතා සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කිරීමක් ලෙස ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ඊයේ දිනයේ…
ඩබ්. බී.  ගනේගල මහතා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සභාපති ලෙස පත්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපති ලෙස ඩබ්. බී.  ගනේගල මහතා පත්කර තිබේ. හිටපු සභාපති අනුර විජේපාල මහතා ගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම පත්වීම සිදු කරන ලදී. ඩබ්.බී ගනේගල මහතා මීට පෙරද විදුලි…