“WannaCry” රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න

“WannaCry” රැන්සම්වෙයාර්  පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න

ලෝකය පුරා වේගයෙන් පැතිරුණ පරිගණක වෛරසයක් නිසා පරිගණක භාවිත කරන්නන් බොහෝ පිරිසක් අපහසුතාවයන්ට ලක්වුණා.

වෙනත් පරිගණක වෛරසයක් මෙන් නොව මෙමගින් පරිගණක ප්‍රහාරයකට ලක්කර කප්පම් ඉල්ලන ගණයේ එකක් ලෙස හඳුනාගෙන ඇත.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව අඩපණ කරමින් එල්ල වූ රැන්සම්වෙයා වර්ගයේ පරිගණක හැකර් ප්‍රහාරය, යුරෝපය, රුසියාව,යුක්රේනය සහ ඉන්දියාව ද ඇතුළත්ව ලෝකයේ රටවල් 99 ක් ආක්‍රමණය කර ඇති බව අලුත්ම වාර්තාවල සඳහන් වේ. අඩුම වශයෙන් පරිගණක පද්ධති 75,000 ක් පමණ මෙම වෛරසයේ ග්‍රහණයට නතු වී ඇත. යුරෝපා සංගමයේ නීති සාධන ආයතනය වන යුරෝපෝල් කියා සිටියේ මේ නිසා ලොව පුරා” අනුමාන කළ නොහැකි තරම් වේගයකින් ගෝලීය මට්ටමෙන් සිදුවන පරිගණක ක්‍රියාකාරකම් රාශියක් අවුල් ජාලාවක් බවට පත්වූ බවයි.

එම අගුලු හැරගන්නට උපදෙස් සපයමින් නිශ්චිත කාලයක් ලබාදී පණිවිඩයක්ද ඉන් පසු දිස්වන අතර එම කාලය තුළදී ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ලෙස bitcoin ක්‍රමයට ගෙවන්නේ නම් අවශ්‍ය මුරපදය ලබාදෙන බවට තර්ජනාත්මක උපදෙසක් එහි ලබාදී ඇත. මෙම වෛරසය ලොව පුරා වින්ඩොස් වර්ගයේ මෙහෙයුම් පද්ධති ඇති පරිගණක වලට පමණක් බලපා ඇති බවට තොරතුරු වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක ප්‍රතිචාර සංසදයද මේ වනවිට නිවේදනයක් නිකුත් කර ඇති අතර විදෙස් වාර්තා ඇසුරින් ආරක්ෂා වීමට උපදෙස් සපයා ඇත.

විශ්ලේෂකයින් දන්වා සිටින්නේ මෙම වෛරසය මින් වසරකට පමණ පෙර සිට නිර්මාණයවී පැතිරෙන බවයි. ආරක්ෂක පියවරක් ලෙස තමන්ගේ වටිනා පරිගණක දත්ත බාහිර වෙනත් උපාංගයකට හෝ තැටියකට ගබඩා කරගන්නා ලෙසත්, බාහිර ඊමේල් විවෘත කිරීමේදී සැලකිලිමත් වන ලෙසත් මේ ගැන උපදෙස් සපයා ඇති අතර කප්පම් පණිවිඩය අනුව මුදල් ගෙවන්නට නොයන ලෙසත් දන්වා ඇත.
මෙම ගැටලුකාරී තත්වයෙන් පරිගණක මුදවා ගැනීමට මේ වනවිටත් ප්‍රතිවෛරස මෘදුකාංග සමාගම් කටයුතු සම්පාදනය කරමින් සිටී.

Share This:

Share this post

Post Comment